Ambient glow
YOU MAGAZINE
Events1 min read

අමල් ප්‍රසාද්ගේ ‘ජීවිත අරගලයට’ සම්මානයක්

Share:
Colombo nightlife party event coverage Sri Lanka - අමල් ප්‍රසාද්ගේ ‘ජීවිත අරගලයට’ සම්මානයක් | YOU Magazine
1 min read•0% read

Sony World Photography Award

ලෝක ඡායාරූප සංවිධානය සහ Sony සමාගම විසින් Sony World Photography Awards 2021 සඳහා කටාර්හි ජාතික සම්මානලාභියා ලෙස ලාංකික ඡායාරූප ශිල්පී අමල් ප්‍රසාද් ප්‍රකාශයට පත් කර ඇති අතර අමල් ප්‍රසාද් ඔහුගේ *ජීවිත අරගලය (‘Struggle of Life’) සඳහා විනිශ්චයකරුවන් විසින් නිර්නාමිකව තෝරා ගන්නා ලදී.

ජාතික සම්මාන වැඩසටහන ලොව පුරා සිටින ඡායාරූප ශිල්පින් සඳහා ලෝක ඡායාරූප සංවිධානය සහ Sony සමාගම විසින් පිහිටුවන ලද මුලපිරීමකි, මේ වසරේ රටවල් 61 ක් සහභාගී වේ. Sony World Photography Awards 2022 සඳහා ප්‍රදේශ 211කින් පින්තූර 340,000කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇති අතර, 170,000කට අධික ප්‍රමාණයක් විවෘත තරගයට ඇතුළත් විය (එයින් ජාතික සම්මාන ජයග්‍රාහකයා තෝරා ගන්නා ලදී).

ප්‍රසාද් ගේ ඡායාරූපය සඳහා විනිශ්චයකරුවන් විසින් නිර්නාමිකව තෝරා ගන්නා ලද අතර *ජීවිත අරගලය (‘Struggle of Life’), විවෘත තරඟයේ ජීවන රටා කාණ්ඩයට ඇතුළත් විය. ජයග්‍රාහී ඡායාරූපයේ (ජීවිත අරගලය –‘Struggle of Life’), දැක්වෙන්නේ ගමේ ධීවරයාගේ ජීවිතය පහසු නොවන බවත් එය ජීවත්වීමේ අරගලයක් බවත්ය.

කටාර්හි ජාතික සම්මානලාභී ලෙස, ප්‍රසාද්ට Sony ඩිජිටල් උපකරණයක් ලැබුණු අතර එය Sony World Photography Awards ප්‍රදර්ශනයට සහ පොතට ඇතුළත් කෙරේ.

Sony World Photography Awards 2022 හි ශිෂ්‍ය, තරුණ, විවෘත සහ වෘත්තීය තරඟයේ සමස්ත ජයග්‍රාහකයින් අප්‍රේල් 12 වන දින ප්‍රකාශයට පත් කෙරෙන අතර ලන්ඩනයේ සමර්සෙට් හවුස් හි (අප්‍රේල් 13 සිට මැයි 2 දක්වා) ප්‍රදර්ශනය කෙරේ.

Colombo nightlife party event coverage Sri Lanka - අමල් ප්‍රසාද්ගේ ‘ජීවිත අරගලයට’ සම්මානයක් (1)
ජයග්‍රාහී ඡායාරූපය (ජීවිත අරගලය -‘Struggle of Life’)
Sri Lankan event photography high profile celebrity show - අමල් ප්‍රසාද්ගේ ‘ජීවිත අරගලයට’ සම්මානයක් (2)
Amal Prasad

කටාර්හි ජාතික සම්මානලාභී ලෙස, ප්‍රසාද්ට Sony ඩිජිටල් උපකරණයක් ලැබුණු අතර එය Sony World Photography Awards ප්‍රදර්ශනයට සහ පොතට ඇතුළත් කෙරේ.

Sony World Photography Awards 2022 හි ශිෂ්‍ය, තරුණ, විවෘත සහ වෘත්තීය තරඟයේ සමස්ත ජයග්‍රාහකයින් අප්‍රේල් 12 වන දින ප්‍රකාශයට පත් කෙරෙන අතර ලන්ඩනයේ සමර්සෙට් හවුස් හි (අප්‍රේල් 13 සිට මැයි 2 දක්වා) ප්‍රදර්ශනය කෙරේ.

Enjoyed this article? Share with friends:

Comments